DVA අපි සියලුම ශ්‍රී ලාංකික ජනතාව වෙත මෛත්‍රිය පතුරවන්නෙමු! ඔබ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා!
DVA ශ්‍රී ලංකාව තුළ දියත් කරනු ලබන වැඩසටහන්
මේ ලෝකයේ දීර්ඝතම කාලයක් බුදුදහම අඛණ්ඩව පැවති රට ලෙස ශ්‍රී ලංකාව නම්කළ හැකිය. අද වන විට ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 22 වන අතර එයින් මිලියන 16 බෞද්ධයෝ වෙති. පසුගිය වසර කිහිපයක කාලයක් මුළුල්ලේ Dharma Voices for Animals සංවිධානය විසින් සමාජය තුළ නිර්මාශ ආහාර රටාව ප්‍රචලිත කිරීමේ වැඩසටහන් දීපව්‍යප්තව පවත්වාගෙන යයි.
යාවත්කාලීන වූ සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පතක් සම්මත කිරීමට DVA කටයුතු කරයි.
ප්‍රජාතන්ත්‍රවාදී රටක් වුවද අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සමග සසඳා බැලූ විට අහිංසක සතුන් සුරැකීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉතා පසුපසින් සිටින බව කණගාටුවෙන් වුවද පිළිගත යුතුය. දැනට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සත්ව සුබසාධන පනත වසර 1907 දී සම්මත කළ පිටු දෙකකට සීමාවූවක් වන අතර එය වර්තමාන සමාජයට කිසිසේත් නොගැලපෙන පනතකි. වසර 116 කට පසුව හෝ සියලු සතුන්ගේ යහපත සැලසෙන පරිදි නව සත්ව සුබසාධන පනතක් සම්මත කර ක්‍රියාත්මක කරමින් අනෙක් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සමග එකතු වීමට කාලය එලඹි ඇත.
2006 සිට මේ දක්වා තවම විළිරුදාවෙන් පසුවන නවීන නීතියක් සම්මත වීම දිරිමත් කිරීමට DVA වසර ගනනාවක් තිස්සේ තිරය පිටුපස සිට ක්‍රියා කරමින් සිටී. පසුගිය වසර තුනක කාලය තුළ, පනතේ ප්‍රතිලාභ පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාව සහ තීරණ ගන්නන් අපි විසින් දැනුවත් කරමින් සිටිනු ලබන අතර, එය ඉක්මනින් සම්මත වනු ඇතැයි සුබවාදී බලාපොරොත්තුවක සිටිමු. මේ සදහා ප්‍රසිද්ධියේ සහය ලබාදුන් සෑම දුරදර්ශි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම අපගේ හදපිරි ස්තුතිය පිරිනමමු.
යෝජිත නීති සම්පාදනයේ ප්‍රගතිය පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරීම් අපි දිගටම ලබා දෙන්නෙමු.
ඉරු දින දහම් පාසල් වැඩසටහන
ශ්‍රී ලාංකික බෞද්ධ දරුවන්ගෙන් 80% ක් පමණ සහභාගි වන ඉරිදා දහම් පාසල්වල දරුවන්ට පසුගිය වසර තුන තිස්සේ, DVA තම ඉදිරිපත් කිරීම් මගින් ආමන්ත්‍රණය කරමින් තිබේ, සතුන්ගේ මස් සහ සත්ව නිෂ්පාදන තමන්ගේ ආහාර වේලෙන් ඉවත් කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව ළමයින්ට, ඔවුන්ගේ දෙමාපියන්ට සහ ගුරුවරුන්ට අපි කෙලින්ම කතා කොට දැනුවත් කරන්නෙමු.
නවමු පුවත්:
කල්ලිකුඩි ජයරංජන් – මඩකලපුව, ගීතානි ඒකනායක – මාතලේ ප්‍රාදේශීය (දහම් පාසල්) සම්බන්ධීකාරකවරුන් ලෙස එකතු කර ගනිමින් අපගේ මෙහෙවර පුළුල් වී තිබේ. ශ්‍රී ලංකාව පුරා සිටින ජනතාව වෙත ළඟා විය හැකි පරිදි දිවයින පුරා විසිරී වෙසෙන ප්‍රාදේශීය සම්බන්ධීකාරකවරුන් 15 දෙනෙකු දැන් අප සතුව ඇත.
අපගේ මෙම නව ප්‍රාදේශීය සම්බන්ධීකාරකවරුන් දෙදෙනාට අමතරව තවත් 13 දෙනෙක් සම්බන්ධීකරණයේ නියලී සිටිති. කේ.ඩී.ජී. රත්නයක – කුරුණෑගල, කෞශල්‍යා ලක්මිණි – බලන්ගොඩ, චන්ද්‍රතිලක් ගුණරත්න, සුරංග උදය කුමාර සහ වජිර අරන්දර – ගම්පහ, සුබානි සෙනරත් – කුලියාපිටිය, රශිකා සන්නස්ගල – කලුතර, ධම්මිකා දන්දෙනිය – කඩවත, රොහිත චන්ද්‍රලාල්, ප්‍රසාදි මනුජා හෙට්ටිආරච්චි, සුජීව ක්‍රිෂන්ත ගමගේ – මහනුවර, සඳක්ෂි සුලක්ක්ශනා – අම්පාර මෙන්ම වෛශ්නවි බාලක්‍රිෂ්නන් – යාපනය ලෙස දිවයින පුරා සම්බන්ධීකරණය සිදු කරයි.
PowerPoint මාධ්‍යයෙන් ඉදිරිපත් කෙරෙන මෙම සජීවී වැඩසටහන්වලට අපගේ Dharma Voices for Animals Sri Lanka Project: Heart or Tongue? කෙටි චිත්‍රපටයේ ප්‍රදර්ශනයක් ද ඇතුළත් වේ. යුරෝපීය බලවතුන්ගේ ආක්‍රමණයට හා පැලපදියන්වීමට පෙර බොහෝ දුරට ශ්‍රී ලංකාව නිර්මාංශික දිවයිනක් ලෙස පැවති ඉතිහාසය ඇතුළත් වූ අපගේ ඉදිරිපත්කිරීම් මගින් අවිහිංසාව සහ මෛත්‍රිය පිරුනු ඔවුන්ගේ එම ඓතිහාසික සංස්කෘතික උරුමය නැවත ස්ථාපිත කර ගන්නා ලෙස වත්මන් ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
- බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුව අවිංසාව සහ මෛත්‍රිය පුහුණු වීමට
- දරුවන්ගේ, පවුල්වල සහ පුද්ගලයන්ගේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට
- ගෝලීය උණුසුම වැනි පාරිසරික විපත් වල බලපෑම අවම කිරීමට
ශාක මත පදනම් වූ ආහාර වේලකට හුරුවීමේ පිලිවෙත ශ්‍රී ලාංකිකයන් විසින් අනුගමනය කළ යුත්තේ මන්දැ’යි වන පැහැදිලි කිරීමක් සහ “සතුන් වෙනුවෙන් දහම් හඬ” DVA හඳුන්වාදීමක් සිංහලෙන් ඇතුළත් පිටු හයකින් යුතු අත් පත්‍රිකා අප කණ්ඩායම විසින් බෙදා හරිනු ලැබේ.
වෛද්‍යවරුන්, සොල්දාදුවන් සහ ගොවීන් කෙරෙහි ද අවධානය යොමු කර අපගේ කණ්ඩායම ඉදිරිපත් කිරීම් සිදු කරනු ලබයි. DVA හි ශ්‍රී ලංකා ව්‍යාපෘති කණ්ඩායම, අපගේ ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආනන්ද මහින්කන්ද සමඟින් මෙම වසර මුලදී හමුදා බලමුළුවකට ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී. 1,200 කට වැඩි සොල්දාදුවන් පිරිසක් උද්‍යෝගිමත්ව ඊට සහභාගී අතර, අපගේ ඉදිරිපත් කිරීමෙන් පසු, නිර්මාශික ආහාර වේලකට මාරුවීමට ඔවුන්ගේ අභිප්‍රාය බව ප්‍රකාශ කළහ.
ශ්‍රී ලංකා හමුදාවේ සොල්දාදුවන් සඳහා ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී DVA විසින් 2019 ඔක්තෝබර් 10 වන දින විශාල උත්සවයක් පවත්වන ලදී. ශාක මත පදනම් වූ ආහාර වේලක වටිනාකම ගැන කතා කළ DVA ඉදිරිපත් කරන්නන්හට 1300 කට අධික සොල්දාදුවන් සවන් දුන් අතර, අපි බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිණ.
ශ්‍රී ලංකා හමුදාවේ සොල්දාදුවන් සඳහා ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී DVA විසින් 2019 ඔක්තෝබර් 10 වන දින විශාල උත්සවයක් පවත්වන ලදී. ශාක මත පදනම් වූ ආහාර වේලක වටිනාකම ගැන කතා කළ DVA ඉදිරිපත් කරන්නන්හට 1300 කට අධික සොල්දාදුවන් සවන් දුන් අතර, අපි බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිණ.
වෛද්‍යවරුන්ගේ කීර්තිමත් සංවිධානයක් වන GMOA (රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය) වෙත අප විසින් සිදුකළ ඉදිරිපත් කිරීම් කිහිපකින් පසුව, සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා පූර්ණ නිර්මාංශ ආහාර වේලක් ඔවුන් ප්‍රසිද්ධියේ නිර්දේශ කිරීමට පටන් ගත්හ.
DVA හි ශ්‍රී ලංකා ව්‍යාපෘති කණ්ඩායමට වෛද්‍ය චමිත් නානායක්කාර ප්‍රමුඛ පශු වෛද්‍යවරුන් පිරිසක් ද ඇතුළත් වන අතර, ඔවුන් කිසිඳු අයකිරීමකින් තොරව වෙහෙර විහාර ආශ්‍රමවල වෙසෙන සතුන්ට ප්‍රතිකාර කරන අතර දහම් පාසල් වෙත ඉදිරිපත් කිරීම් මෙන්ම සෑම පාසලකම නිර්මාංශික කණ්ඩායම් සංවිධානය කිරීම සිදු කරති.
DVA සතුව තිබෙන Facebook.com. /DVA Sri Lanka, නමින් මැනවින් සක්‍රියව පවතින ශ්‍රී ලාංකික Facebook පිටුවෙන් අපි මිලියනයකට වඩා වැඩි පිරිසක් වෙත ළඟා වෙමින් ශ්‍රී ලාංකිකයන් ශාක මත පදනම් වූ ආහාර වේලක් වෙත යොමු කරමින් සිටින්නෙමු. ඔබට අපගේ Facebook පිටුවට Like කර පෝෂණය පිළිබඳ විශිෂ්ඨ ආහාර සහ ශ්‍රී ලංකාව පුරා වන DVA ක්‍රියාකාරකම් පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා ගත හැක.
DVA විසින් සත්ව සුබසාධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා කැප වූ facebook.com/AWbillSL විශේෂිත ෆේස්බුක් පිටුවක් ද ආරම්භ කර ඇත. මෙම වැදගත් ව්‍යවස්ථාව සම්මත කිරීම සම්බන්ධයෙන් නවතම යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට මෙම පිටුව පරිශීලනය කිරීමට වග බලා ගන්න.
පුවත්පත්
2018 මැයි 5 වැනි දින කොළඹ වීදිවල පැවති සත්ත්ව ආහාර වලින් තොර අයිස්ක්‍රීම් සමාජය සහ 2017 ඔක්තෝබර් 26 වන දින අපගේ සත්ව හිමිකම් සමුළුව වැනි DVA ක්‍රියාකාරකම් පිළිබඳ පුවත් ප්‍රධාන පුවත්පත්වල මුල් පිටු සහ ජාතික රූපවාහිනිය ආවරණය කර ඇත. පුවත්පත් ලිපි සහ කතුවැකි DVA සඳහා සහය දැක්වූ අතර අපගේ පණිවිඩය ජාතික පුවත්පත්වල පළ වී ඇත.
http://www.dailymirror.lk/92061/repeat-of-olcott-era-dharma-voices-for-animals
http://www.dailynews.lk/2018/11/05/tc/167472/“you-just-need-change-your-mentality”
http://www.dailynews.lk/2018/08/31/features/161236/plant-power
DVA හි ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් සමඟ 2019 ඔක්තෝබර් 8 වන අඟහරුවාදා මාධ්‍ය හමුවක් ද පැවැත්විණි.
විශේෂ සිදුවීම්
බෞද්ධ සමාජය නිසා සිදුවන සත්ව පීඩා පිළිබඳව අවධානය යොමු කිරීමට අපි විශේෂ වැඩසටහනක් පැවැත්තුවෙමු. කොවිඩ් 19 අර්බුදය උග්‍ර වන විට රට වැසියනට සංචරන සීමා නීති පැනවුනු නිසා ශ්‍රී ලංකාවේ බොහෝ සුනඛයන් වීදිවල කුසගින්නේ සිටින්නට වූහ. DVA හි කාර්ය මණ්ඩලය, සිය ස්වේච්ඡා සේවකයන්ගේ සහාය ඇතිව, බොහෝ සුනඛයන්ගේ කුසගිණි නිවාලන්නට ක්‍රියාකරන ලදී.
සත්ව සුබසාධන පනත් කෙටුම්පත සම්මත කිරීම වෙනුවෙන් සහය දීම සඳහා DVA විසින් මෑතකදී ඡායාරූප තරඟයක් පවත්වන ලදී. මූලිකව ඡායාරූප 1695ක් DVA වෙත ලැබුණු අතර අවසාන විනිශ්චය සඳහා 945 තෝරා ගත්හ. 6-8 ශ්‍රේණිවල දරුවන් වෙතින් ඡායාරූප 482ක්, 9-11 ශ්‍රේණිවල දරුවන් වෙතින් ඡායාරූප 602ක්, 12-13 ශ්‍රේණිවල දරුවන් වෙතින් ඡායාරූප 163ක් සහ විවෘත කාණ්ඩයෙන් ඡායාරූප 412ක් ලැබී තිබුණි.
එලෙසම 2020 දී අප විසින් චිත්‍ර තරඟයක් පැවැත්වනු ලැබූ අතර එහි ත්‍යාගලාභීන් පහතින් බලන්න;
ස්වේච්ඡා සේවකයින්
ඔබ DVA සමග සම්බන්ධ වී සතුන්ට උදව් උපකාර කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමති නම් සහ/හෝ ප්‍රශ්න හෝ යෝජනා යොමු කිරීමට තිබේ නම්, කරුණාකර DVA හි ශ්‍රී ලංකා ව්‍යාපෘති අධ්‍යක්ෂිකා ශානිකා ගමගේ අමතන්න: srilanka@dharmavoicesforanimals.org / shanika@dharmavoicesforanimals.org
පූජ්‍ය පේරාදෙණියේ සතීන්ද්‍රිය ස්වාමීන් වහන්සේ: DVA හි ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ සම සම්බන්ධීකාරක පූජ්‍ය පේරාදෙණියේ සතීන්ද්‍රිය ස්වාමීන් වහන්සේ යනු දැනට ඇමරිකාවේ වැඩවාසය කරන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති භික්ෂුවකි. උන් වහන්සේ අපගේ ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ සම අධ්‍යක්ෂවරයා ලෙස ද, මිනසෝටා පරිච්ඡේදයේ නායකයා ලෙසද සේවය කරන අතර DVA හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකි. පුවත්පත් සහ රූපවාහිනිය ඔස්සේ ශ්‍රී ලාංකිකයන් වෙත අපගේ පණිවිඩය ලබා දීමට උන් වහන්සේ මූලික වී ඇත.
|
DVA හි ශ්‍රී ලංකා ව්‍යාපෘති අධ්‍යක්ෂිකා ශානිකා ගමගේDVA හි ශ්‍රී ලංකා ව්‍යාපෘති අධ්‍යක්ෂිකා ශානිකා ගමගේ වන අතර ඇය DVA සඳහා 2018 සිට දහම් පාසල් සම්බන්ධීකාරක ලෙස ද පසුව ජාතික වැඩසටහන් අධීක්ෂික ලෙස ද සේවය කර ඇත. ඇය 2016 දී කොළඹ විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය උපාධිය ලබා ඇති අතර “පර්යේෂණ සහ මනෝවිද්‍යාව” කෙරෙහි අවධාරණය කෙරෙන සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක සැලකිය යුතු වැඩ කොටසක් සම්පූර්ණ කර ඇත. ශානිකා ගමගේ නිර්මාංශිකත්වය පුරුදු පුහුණු වන බෞද්ධයෙකි, හැකි සෑම විටම භාවනාමය විවේකයට යොමු වූ තැනැත්තියකි. නිර්මාංශික ආහාර සංස්කෘතියක් වෙනුවෙන් පෙනී සිටීම සඳහා ඇය සතුව හැකියාවක් තිබෙන අතර සියළුම ජීවීන් කෙරෙහි අහිංසාව පිළිබඳ තමාගේම පිළිවෙත DVA තුළින් බෙදා ගැනීමට ඇය තුළ අපේක්ෂාවක් ඇත.
|